විසඳුමක් ඉල්ලා දුරකථන කුළුණට නැඟලා

විසඳුමක් ඉල්ලා දුරකථන කුළුණට නැඟලා

December 2, 2015   11:21 am



රාජාංගණය,  පුත්තලම් හන්දිය ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැගී පුද්ගලයෙකු උපවාසයක් ආරම්භ කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔහු මෙම උපවාසයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඔවුන්ට අයත් බව කියන කුඹුරු ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට පවරා දීමට එරෙහිව විරෝධය පළ කරමින් මෙම උපවාසය ආරම්භ කර ඇති බව සඳහන්ය.

තම ගැටලුව  පිළිබඳ පොලීසිය සහ  ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කර සාධාරණයක් ඉටු නොවූ බව උපවාසයේ නිරත පුද්ගලයාගේ බිරිඳ පැවසුවාය.