ජපානයේ භූමි කම්පාවක් සමග සුනාමි අනතුරක්

ජපානයේ නිරිත දිග වෙරළ තීරයේ හට ගත් භූමිකම්පාවකින් සුළු සුනාමි තත්වයක් පැන නැග තිබේ.

මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ සටහන් වූයේ අංශක හතයි දශම බිංදුවක් වශයෙනි.

ජපානයේ කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සුනාමිය සමග ජලපහර අඩියකින් පමණ ඉහළ ගිය බවයි.

එම තත්වය හටගෙන තිබෙන්නේ දකුණු නකනොශිමා (Nakanoshima) දූපතේ සහ කගොශිමා (Kagoshima) දිස්ත්‍රික්කයේ.

2011 වසරේ හටගත් සුනාමියෙන් සිදුවූ ජීවිත හානිය අනුස්මරණය කළ අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

2011 වසරේ හටගත් සුනාමියෙන් සිදුවූ ජීවිත හානිය අනුස්මරණය කළ අවස්ථාව

කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මේ දක්වා වාර්තා වී නොමැත.

2011 වසරේ ජපානය මුහුණ දුන් දරුණු සුනාමියකින් ඊසාන දිග ජපානයේ දහ අට දහසකට අධික ජීවිත විනාශයක් වාර්තා වූ අතර දෙලක්ෂ තිස් දහසකට අධික ජනකායකට ගෙවල් දොරවල් අහිමි විය.