බෝර 12 අවිය සමග 4ක් මාට්ටු

බෝර 12 අවිය සමග 4ක් මාට්ටු

November 13, 2015   09:43 am



අක්කරපත්තුව, පනංකඩුව ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් විසින් ධාවනය වෙමින් තිබූ  සැක කටයුතු ත්‍රීරෝද රථයක් නවතා පරික්ෂා කර එම ගිනි අවිය සොයාගත් බව පොලිසිය පැවසුවේය.

එහිදී ඒ සඳහා භාවිතා කරන උණ්ඩ 03ක් ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් 20, 30, සහ 34 හැවිරිදි වයස්වල පසුවන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.

ඔවුන් අද අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.