රැඳවියන්ට නිදහස ඉල්ලා දෙමළ සන්ධානයේ පිරිසකුත් උපවාසයක

රැඳවියන්ට නිදහස ඉල්ලා දෙමළ සන්ධානයේ පිරිසකුත් උපවාසයක

October 16, 2015   02:31 pm



දේශපාලන   සිරකරුවන් ලෙස  බන්ධනාගාර ගතව සිටින සියලු දෙමළ රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදී මෙම උපවාසය ආරම්භ කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්  මහතා සහ උතුරු පළාත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම එම රැඳවියන්ගේ ඥාතින් පිරිසක් මෙම උපවාසයට සහභාගීවි සිටින බව සඳහන්ය.

තමන්ට එරෙහි නඩු කඩිනමින් අවසන් කර නිදහස් කරන ලෙස ඉල්ලා දිවයිනේ බන්ධානාගාර කිහිපයක සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් පිරිසක් ආහාර නොගෙන  පසුගියදා උපවාසයක් ආරම්භ කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මකය.