පොලිස්පති තවත් 5ක් සමග චීන‍යට ගිහින්!

පොලිස්පති තවත් 5ක් සමග චීන‍යට ගිහින්!

October 9, 2015   01:19 pm



පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

පොලිස්පතිවරයාට අමතරව තවත් උසස් පොලිස් නිලධාරින් 05 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. ගජසිංහ, සහකාර පොලිස් අධිකාරිවරුන් වන යූ.ඒ.පී රොමේෂ් සහ ඩී.එස් වික්‍රමසිංහ යන මහත්වරුන් පොලිස්පතිවරයා සමග චීන සංචාරයට එක්ව සිටී.

ඔවුන් ඊයේ දිනයේ පිටත්ව ගොස් ඇති අතර ලබන 15 වන දින දක්වා චීනයේ රැඳී සිටීමට නියමිතය.

පොලිස්පතිවරයා යළි දිවයිනට පැමිණෙනතුරු  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.