මාවන් ඉල්ලා අස්වෙයි!

මාවන් ඉල්ලා අස්වෙයි!

September 3, 2015   06:45 pm


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු මහතා ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මොහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර එය ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති බවද සඳහන්ය.

2014 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට හෙතෙම මෙම ධූරය දැරූ අතර ඊට ප්‍රථම 2011 වසරේ සිට පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

මාවන් අතපත්තු මහතා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස ධූරය දරන සමයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම  සමග එංගලන්තයේදී පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.