අනුරට - සුසිල්ට පැනවූ වාරණය ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

අනුරට - සුසිල්ට පැනවූ වාරණය ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

August 24, 2015   03:30 pm



අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුටන් එරෙහිව පනවා ඇති වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

සන්ධානයේ වැඩබලන මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කරමින් අදාළ වාරණ නියෝගය ලබා ගෙන ඇති බව පෙත්සම්කරු පවසයි.

ඒ හේතුවෙන් අදාළ වාරණ නියෝගය නීත්‍යානුකුල නොවන බව පවසන පෙත්සම්කරු එය අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ලබන 28 වනදා  පෙත්සම විභාගයට ගැනීමට  කොළඹ දිසා අධිකරණය තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.  




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.