ලාල්කාන්ත ඉල්ලා අස්වෙයි

ලාල්කාන්ත ඉල්ලා අස්වෙයි

August 20, 2015   10:55 am


ජවිපෙ බස්නාහිර පළාත් මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා පළාත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉකුත් අගෝස්තු මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි තමන් ඉල්ලා අස්වී ඇති බවත්, පක්ෂය විසින් පවරා ඇති ජාතික දේශපාලනයේ කර්තව්‍යයන් හොඳින් ඉටුකිරීමේ අවශ්‍යතාව පවතින බැවින් මෙම තීරණය ගත් බවත් ලාල්කාන්ත මහතා කියා සිටියි.

පසුගිය කාලයේ ජාතික දේශපාලනයේ කටයුතුවලට දායකවීම ‍හේතුවෙන් කොළඹ දිස්ත්‍රීක්කය තුළ පළාත් සභාවේ කළ යුතු කටයුතු යම් ආකාරයකට මගහැරුණු බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ජාතික තලයේ කටයුතුත්, පළාත් සභාවේ කටයුතුත් නිවරදිව කිරීමේ ඉටුකිරීමේ අවශ්‍යතාවන් දෙකම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඔහු පෙන්වා දුන්නේය.

අද වන විට රටේ පවතින්නේ අලුත් දේශපාලන තත්ත්වයක් බවත්, තමන් පළාත් සභාවට පත්වෙද්දී පැවතුණේ වෙනත් දේශපාලන තත්ත්වයක් බවත්, අලුත් දේශපාලන තත්ත්වයට අනුව පක්ෂයේ අලුත් ‍දේශපාලන සැලසුම්වලට අනුව කටයුතු කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

එම අවශ්‍යතාවට ඉඩකඩ ලබාදෙමින් තමන් මෙලෙස ඉල්ලා අස්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.