බුද්ධ ශාසන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියද්ද ප්‍රකාශ කළේ. මෙම ඉල්ලා අස්වීම පිළිබඳ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියද්ද බුද්ධ ශාසන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය 22 වැනිදායි. ඇමති ධූරය ලැබුණු පසු මුහුණ දුන් ඇතැම් සිදුවීම් හේතුවෙන් සිය පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියද්ද ප්‍රකාශ කළේ.
Follow US
Most Viewed Stories