එල්.ටී.ටී.ඊය පැහැරගත් ළමුන් සොයාදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

එල්.ටී.ටී.ඊය පැහැරගත් ළමුන් සොයාදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

March 18, 2015   04:36 pm



යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පැහැරගත් තම දරුවන් සොයාදෙන ලෙස ඉල්ලමින් මුලතිවු දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

මුලතිවු අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පැහැර ගැනීමට ලක්වූ තම දරුවන්ට සිදුවූ දෙය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.