පාසල් දැරිය ටිපර් රියට බිලි

පාසල් දැරිය ටිපර් රියට බිලි

November 21, 2014   02:24 pm

කටුගස්තොට - මඩවල ප්‍රධාන මාර්ගයේ සිරිමල්වත්ත හංදිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පාසල් දැරියක මියගොස් තිබේ.

අදාළ දැරිය අද පෙරවරුවේ පාසල් බලා ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු දැරිය මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි දැරියකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.