පාසල් සිසුවා දියේ ගිළී මරුට

පාසල් සිසුවා දියේ ගිළී මරුට

November 12, 2014   09:52 am

වැලිගම, අමුණුවත්ත ප්‍රදේශයේ පොල්අතුමෝදර ග‍ඟේ දියනෑමට ගිය පාසැල් සිසුවෙකු දියේ ගිළී මියගොස් තිබේ.

මියගිය සිසුවා තවත් සිසුන් සිව්දෙනෙකු සමඟ දියනෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ වැලිගම, මළපලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සිසුවෙකි.

මළ සිරුර වලාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.