පදවි ශ්‍රී පුර පාසල් විද්‍යාගාරයක ගින්නක්

පදවි ශ්‍රී පුර පාසල් විද්‍යාගාරයක ගින්නක්

November 9, 2014   08:51 am

පදවි ශ්‍රී පුර, පළුගස්වංගුව මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(08)  රාත්‍රී 7. 15ට පමණ විද්‍යාගාරයේ පළමු මහලේ ගින්න හටගෙන තිබු බවයි.

පොලීසිය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයකට පසුව ගින්න මැඩපවත්වා තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

අදාළ විද්‍යාගාරය පසුගිය 29 වැනිදා විවෘත කෙරුණු එකක් බව වාර්තා වෙයි.