කොස්ලන්ද ඛේදවාචකය

කොස්ලන්ද මීරියබැද්ද වත්තේ ඊයේ විසිනව වෙනිදා සිදු වූ මහා නාය යෑමෙන් අතුරුදහන්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කිරීමට බලධාරීන් තවමත් සමත් වී නැති බවයි පෙනී යන්නේ.

ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ තවදුරටත් මෙම අනතුරට ගොදුරු වූවන්ගෙන් කිසිවකුගේ ජිවිත බේරීඇතයි විශ්වාසකළ නොහැකි බවය්.
ඡායාරූප ශීර්ෂ වැකිය,

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයට ලගාවීම ඉතා අසීරු කටයුත්තක් බවය් වාර්තාකරුවන් පවසන්නේ

කොස්ලන්ද ශ්‍රී ගනේෂ් දෙමළ මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 164කට අයත් ළමුන් සහ කාන්තාවන් ඇතුළු 574 දෙනකු ද, පූනාගල මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 94කට අයත් 315 දෙනකු ද රඳවා තිබේ.

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල කියා සිටියේ නිවාස, මව්පියන් සහ ඥාතීන් අහිමි දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් අධික කම්පනයකින් පසු වන බවයි.

පාන්දරින් පාසල් පැමිණි සමහර ළමයින්ගේ මව්පියන් අවතැන් වූවන් රඳවා සිටින කඳවුරක සිටින බවට තොරතුරු ඇති හෙයින් ඒ අය සොයා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවේ.

අතුරුදහන් වුවන් සොයාගැනීමේ මෙහෙයුම්ට ප්‍රදේශයේ තරුණ පිරිසගේද දායකත්වය හිමිව තිබුණි.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සඳහා යුධ හමුදා නිලධාරීන් පන්සිය දෙනෙකු පමණ යොදවා ඇත.

මෙම ඛේදවාචකය දැක බලා ගැනීමට විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනයා පැමිණීම පිරික්සුම් කටයුතුවලට මහත් බාධාවක් වී ඇත.