අතුරුදහන් වූවන් වෙනුවෙන් ආරක්ෂක අංශ සාක්ෂි සටහන් කරන්න සූදානම්
October 6, 2014 07:05 am
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරින්ගේ සාක්ෂි සටහන් කරගැනීමට අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරි දින වලදි අදාළ සාක්ෂී සටහන් කරගැනීම සිදුකරන බව එම කොමිසමේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කරයි.
මේ වන විට කොමිසමට පැමිණිලි 19 471ක් ලැබි ඇති අතර ඉන් පැමිණිලි 5000ක් ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ඉදිරිපත් කර තිබේ.
පැමිණිලි 14, 471ක් සාමාන්‍ය වැසියන් විසින් ඉදිරිපත් කර ඇති බව එම කොමිසම කියා සිටියි.
කොමිසම මේ වන විට මඩකළපුව මුලතිව් යාපනය යන දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි ජන හමු පවත්වා තිබේ.
කෙසේ වෙතත් මුලතිව් දිස්ත්‍රීක්කයේ දෙවන වරට ද සිවිල් වැසියන්ගෙන් අතුරුදන් වූ පුද්ගලයින් පිළිබද සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.
යුද්ධයපැවති කාලයේ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබද තොරතුරු සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබිණි.