වඳුරෙක් වෙනුවෙන් හිස මුඩු කළ ගම් වැසියෝ

වඳුරෙක් මරණයට පත්වීමේ ශෝකය පළ කිරීමට දෙසීයක් පමණ ගම් වැසියන් හිස මුදු කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,

වඳුරෙක් මරණයට පත්වීමේ ශෝකය පළ කිරීමට දෙසීයක් පමණ ගම් වැසියන් හිස මුදු කරයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඩකච්යා ප්‍රදේශයේ කෝවිලක ජීවත් වූ වඳුරෙක් මරණයට පත් වී ඇති අතර ඒ වෙනුවෙන් ශෝකය පළ කිරීමට දෙසීයක් පමණ ගම් වැසියන් තම හිස මුඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

වඳුරා මරණයට පත් වී තිබෙන්නේ සුනඛයන්ගෙන් බේරී පලා යාමට උත්සාහ ගත් අවස්ථාවේ පොකුණකට වැටීමෙනි.

දියේ ගිලී මරණයට පත් වඳුරාගේ සිරුර ගම් වැසියන් විසින් සොයා ගෙන තිබෙන්නේ පසු දා වන අතර මේ සිද්ධියෙන් ගමට සහ එහි වැසියන්ට අවාසනාව සහ දුර්භාග්‍ය උදා වේ යැයි වැඩිහිටියන් විශ්වාස කළ බවයි ගම් වැසියෙක් බීබීසීයට කියා සිටියේ.

අවසන් කටයුතු

ඉන්දියාවේ වඳුරා පූජනීය සත්වයෙක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දියාවේ වඳුරා පූජනීය සත්වයෙක්

එබැවින් මිය ගිය වඳුරාගේ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූල ලෙස සිදු කළ ගම් වැසියන් ශෝකය පළ කිරීම සඳහා තම හිස සහ රැවුල මුඩු කොට තිබේ.

ඉන්දියාවේ වඳුරා පූජනීය සත්වයෙක් ලෙස සලකන අතර බොහෝ හින්දු බැතිමතුන් රතු පැහැති වඳුරු මුහුණක්, වලිගයක් සහ මිනිස් සිරුරක් සහිත හනුමන්තා දෙවියන්ට පුද පූජා පවත්වයි.

ඔවුන්ගේ විශ්වාසය හනුමන්තා දෙවියන් භීතියෙන් සහ අනතුරු වලින් තමන්ව ආරක්ෂා කරන බවයි.

මිය ගිය වඳුරා කෝවිලේ හනුමන් දේවාලය අසල වාසය කළ වඳුරන් දෙදෙනාගෙන් එකකු වන බවයි ගම වැසියෙක් ප්‍රකාශ කළේ.