රාමේෂ්වරම් ධීවරයින්ගෙන් ජනපතිට මල් මිටක්

රාමේෂ්වරම් ධීවරයින්ගෙන් ජනපතිට මල් මිටක්

August 14, 2014   11:26 am

මෙරට අත්අඩංගුවේ පසුවන සියලු ඉන්දිය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් සිය ප්‍රශංසාව පළකර තිබේ.

ඉන්දීය ධීවර සංගම් නායකයෙකු වු පී.සෙසු රාජා පවසා ඇත්තේ ඉන්දීය නිදහස් දිනයේ සියලු ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය සතුටට කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් රාමේෂ්වරම් ධීවර ප්‍රජාව විසින් ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩුවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවටද ස්තුතිය පළකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා ගත් මෙම තීරණයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රජය විසින් එරට කර්ණාටක ප්‍රාන්තයේ අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකීක ධීවරයින් 16 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි.