හරීන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

හරීන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

July 20, 2014   10:11 am

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන මස පස් වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදෙන බවයි.

ඉදිරි ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේ අරමුණින් තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා ලෙස නම් කර ඇති බව සඳහන් වෙයි.