ශ්‍රී ලංකා  ඉනිම ලකුණු 267ට නිමයි

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 267ට නිමයි

July 9, 2014   06:45 pm

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවෙන එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුණු 267ක් ලබාගෙන තිබේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට පන්දුවාර 49 යි පන්දු 2ක් වැයවී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 86ක් හා මහේල ජයවර්ධන ලකුණු 48ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 268ක ඉලක්කයක් හිමිව තිබේ.