ටිපර් රථයේ හැපුණු පාසල් සිසුවා මරුට

ටිපර් රථයේ හැපුණු පාසල් සිසුවා මරුට

July 3, 2014   11:50 am

කොටදෙණියාව, දියගම්පළ, නාවාන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

නාවාන සිට දියගම්පළ බලා ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පා පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පා පැදියෙන් යමින් සිටි පාසල් සිසුවා වන අතර ඔහු දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කොටදෙණියාව දියගම්පළ ප්‍රදේශයේ පදිංචිව සිටි 15හැවිරිදි පාසල් සිසුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.