වැල්ලම්පිටියේ තරුණිය කුඩු සමග අත්අඩංගුවේ

වැල්ලම්පිටියේ තරුණිය කුඩු සමග අත්අඩංගුවේ

May 21, 2014   09:53 am

වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ති‍බේ.

බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 60ක් සොයාගෙන තිබේ.

සැකකාරිය 18 හැවිරිදි වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.