කොළඹ ජාතික රෝහලේ සංඛේත වැඩ වර්ජනයක්

කොළඹ ජාතික රෝහලේ සංඛේත වැඩ වර්ජනයක්

May 19, 2014   12:29 pm

පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයට අයත් වෘත්තීන් 05ක සේවකයින් අද(19)  පෙරවරු 08.00 සිට කොළඹ ජාතික රෝහලේ සංඛේත වැඩ වර්ජනයක නිරත විය.

ඒ අනුව රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරිමේ කටයුතු ,එක්ස් රේ සහ ස්කෑන් පරීක්ෂණ, භෞත චිකිත්සක හා වෘත්තිය චිකිත්සක ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක නොවු බව වාර්තා වෙයි.

සම සෞඛ්‍ය උපාධි අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කිරිමේ අරමුණින් ක්‍රියාත්මක මෙම සංඛේත වර්ජනය අද දහවල් 12.00ට අවසන් කරන බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා සඳහන් කළේය.

කෙසේ වුවද අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජාතික රෝහලේ කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල නොවු බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.