පාසල් ළමුන්ගේ ආරක්ෂාව ගැන ජනපතිගේ අවධානය
May 13, 2014 08:22 am
පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් සිදුකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
පාසල් අවට සහ පාසල් අභ්‍යන්තරයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන් පිළිබඳව ලැබී ඇති මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඊයේ(12) දහවල් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා වෙත ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන් වෙයි.
මත්කුඩු, බාබුල්, මෝදක, මත්පෙති ආදී මත්ද්‍රව්‍ය සඳහා පාසල් දරුවන් ඇබ්බැහි කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ප්‍රධාන නගරවල පාසල් ආශ්‍රිතව සිදුවන බවට ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී තිබේ.
මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඊට අදාළ සියළු පාර්ශවයන් වහාම නීතියේ රැහැනට හසුකර ගනිමින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
මේ අතර පරිසරය ආරක්ෂා කළ යුත්තේ නීතියෙන් නොව අවබෝධයෙන් සහ ආදර්ශයෙන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජය පරිසරය පිළිබඳ නිවැරදි දැක්මකින් කටයුතු කරන රජයක් බවයි.
කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවති හරිත සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
වර්තමානයේ සිදුවන වන හානිය පිළිබඳව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදි මෙසේ අදහස් පළ කර සිටියේය