බස් රථයක් අනතුරකට පත් වී සිසුන් 3ක් රෝහලේ

බස් රථයක් අනතුරකට පත් වී සිසුන් 3ක් රෝහලේ

April 21, 2014   10:12 am

මකුළුඇල්ල සිට බණ්ඩාරවෙළ දක්වා පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද(21) උදෑසන 07.00 ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අසළ දී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අදාළ බස් රථය තවත් පුද්ගලික බස් රථයක සහ මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරෙන් කාන්තාවක ද තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වෙත ඇතුළත් කර තිබේ.