මුහුදු ජීවීන් සමග චීන්නු 5ක් මාට්ටු
April 14, 2014 12:20 pm
මුහුදු ජීවින් තොගයක් සමග චීන ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු කොල්ලුපිටිය පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ සිදුකළ වැටලිමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
කොල්ලුපිටිය පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබු වෑන් රථයක් පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරින් එම වෑන් රථය තුළ තිබීS මෙම මුහුදු ජිවින් සොයාගෙන ඇත.
එහිදී මුහුදු අශ්වයින් 92දෙදෙනෙකු මුහුදු කූඩෑල්ලන් 90දෙනෙකු මුහුදු බෙල්ලන් 24 දෙනෙකු සොයාගෙන ඇති අතර එම වෑන් රථය තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි තිබී කොරල් පරයක් සහ සිප්පි කටු 70ක් ද පොලිස් නිලධාරින් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 05දෙනෙකු චීන ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා වෑන් රථයේ රියදුරු බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.