පාසල් පළමු වාරය අදින් අවසන්

පාසල් පළමු වාරය අදින් අවසන්

April 8, 2014   08:20 am

සියලුම රජයේ පාසල්වල පළමු පාසල් වාරය අදින් (08) අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේ සිට මේ මස 21 වන දින දක්වා පළමු පාසල් නිවාඩුව ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

සියලුම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් නිවාඩුව ලබන 10 වන දින ආරම්භ වෙයි.

එම පාසල් යළි විවෘත කරනු ලබන්නේ අප්‍රේල් මස 16 වන දිනයි.