බෝම්බ, කඩු, පිහි හා යකඩ පොලු සමග ජෝඩුවක් මාට්ටු

බෝම්බ, කඩු, පිහි හා යකඩ පොලු සමග ජෝඩුවක් මාට්ටු

March 19, 2014   10:11 am

පෙට්‍රල් බෝම්බ සහ ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මීගහවත්ත, නාරංවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ‍.

පාන‍දුර - වලාන දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශයේ නිවසක තිබී මෙම පෙට්‍රල් බෝම්බ සහ ආයුධ සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පෙට්‍රල් බෝම්බ 08ක්, කඩුවක්, මන්න පිහියක්, යකඩ පොලු 05ක්, උල් පිහියක් සහ ව්‍යාජ ලී තුවක්කුවක් එහිදී සොයාගෙන තිබේ.

සැකකරු සහ සැකකාරිය කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් අදාළ ආයුධ තොගය සඟවා සිට ඇති බව සිදුකළ මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.