ගුවන් යානය පිළිබඳව චීන බලධාරීන්ගෙන් තවත් හෙළිදරව්වක්

ගුවන් යානය පිළිබඳව චීන බලධාරීන්ගෙන් තවත් හෙළිදරව්වක්

March 13, 2014   08:31 am

අතුරුදහන් වූ මලයාසියානු ගුවන් යානය පිළිබඳව තවත් හෙළිදරව්වක් චීනයෙන් වාර්තා වෙයි.

අතුරුදන්වු මලයාසියානු ගුවන්යානයේ බවට සැක කළ හැකි සුන්බුන් කිහිපයක් අන්තර්ගත චන්ද්‍රිකා ඡායා රූපයක් චීන රජයේ වෙබ් අඩවියක පළ කර තිබේ.

අදාළ ඡායාරූපය මගින් අතුරුදන් වු යානයේ සුන්බුන් දකුණු චීන මුහුදේ පාවෙමින් තිබෙන බවට දිස්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

එම ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේ චන්ද්‍රිකාව මාර්ගයෙන් ලබාගෙන ඇති අතර මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේය.

කෙසේ වෙතත් යානය අවසන් වරට ක්වාලාලාම්පූර් දෙසට හරවා ඇති බවට රේඩාර් පද්ධතියේ සටහන්ව තිබු බව මලයාසියානු ගුවන් හමුදා ප්‍රධානි රොඩ්සාලි ඩුවාඩ් ප්‍රකාශ කර තිබුණි .

මේ අතර අතුරුදන්වු යානයේ චීන ජාතිකයින් 153දෙනෙකු ගමන් කළ අතර යානය පිළිබඳ නිවැරදි තොරතුරක් අනාවරණය කරගැනීමට මලයාසියානු බලධාරින් අසමත්වීම සම්බන්ධයෙන් චීන රජය සිය අප්‍රසාදය පළ කර ඇත.