ත්රීවිලරයෙන් පාසල් ගිය දැරියට රියදුරුගෙන් අතවර
March 6, 2014 10:46 am
වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් අපහරණය කළ බව කියන ත්රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
පසුගිය 02 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති නමුත් පොලීසියට වාර්තා වී ඇත්තේ 05 වැනිදාය.
අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම - තිල්අඩියේ පදිංචි දැරියකි.
ඇය නිවසේ සිට පාසල් ගොස් ඇත්තේ සැකකරුට අයත් ත්රී රෝද රථයෙනි.
පසුව 02 වැනිදා ද සුපුරුදු ලෙස පාසල් යාම සඳහා දැරිය සැකකරුගේ ත්රී රථයට ගොස් ඇත.
සැකකරු දැරිය පාසල වෙත කැඳවාගෙන නොගොස් ඇය ඔහුගේ ඥාතියෙකු වෙසෙන නොරොච්චෝලේ ප්රදේශයේ නිවසකට ගෙනගොස් ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
එම නිවසේදී සැකකරු විසින් දැරිය අපහරණය කර ඇති බව ඇයගෙන් ලබා ගෙන ඇති ප්රකාශයන් හි සඳහන් වේ.
මේ බව දැන ගෙන ඇති දැරියගේ සහෝදරියක විසින් පුත්තලම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.