ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 253 යි!

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 253 යි!

March 3, 2014   05:22 pm

ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (3) පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 50 තුළ කඩුලු 6ට ලකුණු 253 ක් රැස්කර ගැනීමට සමත්විය.

අද මීර්පූර්හි පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

මෙම තරඟයේදී කුමාර සංගක්කාර ලකුණු 76 ක්ද, කුසල් ජනිත් පෙරේරා 33 ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 45 ක්ද රැස්කිරීමට සමත්විය.

ඒ අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 254 ක ඉලක්කයක් හඹායාමට සිදුවේ.

මේ අතර පසුගියදා බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ජයග්‍රහණය කිරිමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරිමේ ලැයිස්තුවට ඇතුළත් වීමට අවස්ථාව උදා වී තිබේ.