පසුගිය 15වනදා හලාවත පැවති ඝාතනය කළ ධිවරයින් ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි කූරු සමග සිවිල් ඇදුමින් සැරසුනු මැර පොලිස් කණ්ඩායමක් යෙදවීම නිසා එම සාමකාමි විරෝධය කඩාකප්පල් කිරීමේ, පොලීසියේ මුග්ධ උත්සහය ගැන ‘විකල්ප‘ වෙබ් අඩවිය පසුගිය 16වනදා වාර්තා කලේ ”ධීවර සැමරැමට හැදුනුම්පත් සහිත නිළ මැරයින් කඩා වදී” යන ශිර්ෂ පාඨයෙන් යුතු විඩීයෝ සටහනක් ද සමගිනි.

‘ඔව්! ඉන්ට් එකේ තමයි, උන් ඒක හරියට කරේ නෑ‘ පොලීසිය කියයි.

එම විරෝධතා අවස්ථාවේදී විරෝධතාකරැවන් විසින් අල්ලාගත් එම සිවිල් අදුමින් සැරසුනු මැර පොලිස් නිළධාරින් අත්අඩංගුවට ගන්නා ලෙස එම ස්ථානයට පැමිණ සිටි හලාවත, ජ්‍යේෂ්ඨ පොලීස් අධිකරීවරයාට පවසා සිටියත් ඔහු කළේ වෙනත් දේවල් කියමින් එය මග හැරීමයි. නමුත් ඉන් පසු අප ‘විකල්ප‘ වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙක් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරීවරයාගෙන් ඒ පිළිබදව විමසීමේ දී පවසා ඇත්තේ ‘ඔව්! ඉන්ට් එකේ තමයි, උන් ඒක හරියට කරේ නෑ‘ යනුවෙනි.

මේ පහත ඡායාරෑපවලින් දැක්වෙන්නේ පොලිස් අදිකාරිවරයාට අනුව ‘වැඩේ හරියට කරේ නැති‘ හැදුනුම්පත් සහිත මැර පොලීස් නිළධාරීන්ගේ ඡායාරෑප සහ ඔවුන්ගේ හැදුනුම්පත්වල ඡායාරෑපයි.

5



නීතිය කොහේද?

ලංකාවේ ජනයා සිය අයිතින් වෙනුවෙන් මහපාරට පැමිණ සාමකාමීව සිය විරෝධතාවයන් ප්‍රකාශ කළ බොහෝ අවස්ථාවල මෙසේ සිවිල් අැදුමින් සැරසුනු ආරක්ෂක නිළධාරීන්, විරෝධතාකරැවන් හෝ මාධ්‍යවේදීන් සේ වෙස්වලාගෙන ඔවුන් සමග ගැවසීම ලංකාවේ වත්මන් පාලනයේ පුරැද්දකි. නමුත් ප්‍රශ්ණය වන්නේ මෙසේ පැමිණෙන නිළධාරීන් යම් උණුසුම් අවස්ථාවක විරෝධතාකරැවන්ට පහර දීමට මෙන්ම ඔවුන්ව අපහසුතාවයන්වලට පත් කිරීමට උත්සහ තිරීමයි. විශේෂයෙන් පසුගිය කාලයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ගෙන ගිය දැවැන්ත විරෝධතාවලදී මේවා හොදින්ම දැක ගත හැකිවිය. සිසුන්ට පහර දී අත්අඩංගුවට ගන්නට පළමුව පෙළබෙන්නේ මෙසේ සිවිල් ඇදුමින් සැරසුනු මැර නිළධාරීන්ය. එසේම උතුරේ සෑම ස්ථානයකම සිවිල් ඇදුමින් සැරසී ජනජීවිතයට බාධාකරන, ආරක්ෂක අංශවලට අයත් මෙවැනි පුද්ගලයින් ඕනෑතරම් දැකගත හැකිය. මේ සිවිල් මැරයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවිය අවස්ථා ගණනාවකම ඔවුන්ගේ මුහුණු ද සහිතව ඒවා ප්‍රසිද්ධ කළේ නීතියට පරිබාහිරින් සිදුකරන පොලීසියේ මෙම ක්‍රියාවන් හෙලිදරව් කිරීමට ය. නමුත් පීඩනය හමුවේ දිනෙන් දින ඉහළ යන දකුණේ ජනයාගේ මෙවැනි විරෝධයන් පාලනය කිරීමට ආණ්ඩුව විසින් මෙයටත් වඩා, පොලිස් ආරක්ෂාව යටතේ සිදුකරන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරියේදී වඩා වර්ධනය කිරීමට පසුබට වන්නේ නැති බවක් මෙමගින් පෙන්නුම් කරයි. එය ඉතා භයානක ලෙස මහපාරට මුදාහැරීමට ද ඔවුන් පසුබටවන්නේ නැත. පාලකයින් ට මූනිස්සමක් යනු එතරම් දෙයක් නොවන බව මරා දැමුණු දෙමළ මිනිසාගේ සිට සිංහලයා දක්වාත්, උතුරේ සිට දකුණ දක්වාත් ඉතාමක් හොදින් පාලකයින් පෙන්වා දී තිබේ.

එැබැවින් හෘදසාක්ෂියක් ඇති මිනිසුනි ප්‍රවේසම් වෙයල්ලා!