අදත් ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවක්
January 27, 2014 07:44 am
ඉන්දු - ශ්‍රී ලංකා විශේෂ ධීවර හමුව අද චෙන්නාහිදී පැවැත්වෙයි.
අද උදෑසන 10.30ට මෙම සාකච්ඡාව ආරම්භ වන බව ධීවර අමාත්‍යංශය සඳහන් කරයි.
ධීවර අධ්යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට නියෝජිතයින් 15 දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.
නිලධාරි මට්ටමේ සාමාජිකයින් 5දෙනෙකු සහ යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකළපුව සහ පුත්තලම යන ධීවර සංගම් වල නියෝජිතයින් 10දෙනෙකු මෙම පිරිසට අයත් වේ.
ඉන්දියාව පාර්ශවයෙන් ධීවර සංවිධාන වල නායකයන් ඇතුළු නිලධාරින් පිරිසක් සහ තානාපති කාර්යාල නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගි විමට නියමිතය.
ප්‍රධාන කරුණු තුනක් යටතේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර දෙරටේ මුහුදු සීමාවන් උල්ලංඝණය නොවන පරිදි ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකිරීමට නියමිත බව ධීවර අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අමතරව යාපනය ප්‍රදේශයේ ධීවර ජනතාව මුහුණ පා සිටින ගැටළු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර සාකච්ඡා කරන බවද වාර්තා වේ.
එසේම ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ඉන්දීය මධ්‍යම රජය සමඟ පැවැත්වු සාකච්ඡා වලින් අනතුරුව දෙරටේ අත්අඩංගුවේ පසුවන ධීවරයින් හුවමාරු කරගැනීමට පසුගියදා පියවර ගැනුණි.