වැලිකඩ ගැටුම-නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවත් කමිටුවක්
January 23, 2014 07:14 am
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් කමිටුවක් පත් කර තිබේ.
එම අමාත්‍යංශයේ ලේකම් එස්.විතානගේ මහතා කියා සිටියේ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් අදාළ කමිටුව පත් කර ඇති බවයි.
2012 වසරේ නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු ගැටුමින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් නිර්දේශ 17 සහිතව වාර්තාවක් සකස් කළ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත බාර දී තිබේ.
එම නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ආකාරය සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නව කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය.
එම වාර්තාවට අනුව කඩිනමින් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.