ගිනි අවි සමග දැලේ
January 20, 2014 06:49 pm
දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී මෙරට නිෂ්පාදිත ගිනි අවි සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තෙරිපැහැ, ඌරගස්මංහන්දිය ප්‍රදේශ වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
තෙරිපැහැ, හරස්බැද්ද බස් නැවතුම්පළ අසළදි නීති විරෝධිව මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබි බෝර 12 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 4ක් සහ උල් ආයුධ දෙකක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මේ අතර ඌරගස්මංහන්දිය යටගල කන්ද සහ මීගස්පිටිය යන ප්‍රදේශ වලදී ගිනි අවි ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යටගල කන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කළ පොලිසිය එම නිවසේ කාමරයක ඇඳ යට තිබි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.
මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ආරක්ෂක අංශ සේවයේ යෙදී සිට නීත්‍යානූකූලව ඉන් ඉවත් වු පුද්ගලයෙකු බව සඳහන්ය.
මීට අමතරව ඌරගස්මංහන්දිය මීගස්පිටිය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද දිනයේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
අදාළ පොලිස් ස්ථාන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.