කරුණු 6 ක් වෙනුවෙන් පිල්ලේට ස්තූතියි
September 4, 2013 02:42 pm
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවි නීදන්පිල්ලෙ මහත්මියගේ ප්‍රකාශයේ කරුණු 6 ක් පිළිබඳ ඇයට ස්තූතිවන්ත වන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, එල්.ටී.ටී.ඊය ම්ලේච්ඡ මිනීමරු සංවිධානයක් බව, උතුරේ ප්රතිසංවිධාන කටයුතු , උතුරු මැතිවරණය පැවැත්වීම ආදිය ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන බව අමාත්‍යවරයා කියා සිටියි.
නවි නීදන්පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවීම තුළින් ද රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ පණිවිඩයක් ලබාදෙන බව අමාත්‍යවරයා කියා සිටියේ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් තමන් නවි පිල්ලෙයි මහත්මිය විවාහ කර ගැනීමට කැමති බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එකී ප්‍රකාශය පිළිබඳ කනගාටුවන බවයි.
නවි පිල්ලෙ මහත්මිය තමාගේ මෑණියන්ට වඩා වයසින් අඩුවන්නේ වසර දෙකක් වැනි කෙටි කලක් පමණක් බවත් , එවන් කෙනකුට එවැනි යෝජනාවක් කිරීම කෙතරම් වැරදිද යන්න අලහප්පෙරුම මහතා විමසා සිටියේය.
1987 න් පසු යාල්දේවි දුම්රිය සැප්තැම්බර් මස 17 වන දින කිලිනොච්චිය දක්වා ධාවනය කෙරෙන බව ද මාධ්‍ය හමුවට එක්වූ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.