තංගල්ලේදී ඝාතනය කළ පුරවැසියා වෙනුවෙන් බ්‍රිතාන්‍යය කලකිරීමෙන්
June 24, 2013 03:48 pm
තම පුරවැසියෙකු ඝාතනය කිරීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට නොයාම පිළිබඳ දැඩි කලකිරීමට පත්ව ඇති බව බ්‍රිතාන්‍යය පවසයි.
ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙක් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී 2011 වසරේ දෙසැම්බර් මස 25 වන දින ඝාතනයට ලක්විය.
කුරාම් ෂෙක් නමැති විදේශීය සංචාරකයා ඝාතනයට ලක්වෙමින් හා ඔහුගේ පෙම්වතියට කෲර ලෙස විධ හිංසා පැමිණවීමෙන් සිදු කළ අපරාධයට මේවන විට මාස 18 ක් පමණ ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමන් දැඩි කලකිරීමෙන් පසුවන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම අපාරධයට අදාළව යුක්තිය ඉටුවීම, කුරාම් ෂෙක් ගේ පවුලේ උදවියට මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටද එක සේ වැදගත් වන බව එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
තංගල්ල, වෑමැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී මෙම විදේශීය ජාතිකයා ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්දු පුෂ්ප නමැති අය පොලීසියට භාරවූ අතර ටික දිනකට රිමින්ඩ් භාරයට පමුණුවනු ලැබිණුද පසුව ඇප ලබා නිදහස් විය.