Education, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුද්ධය නිමාවී වසර 4යි – උතුරේ පාසල් 86ක් මෙතෙක් ආරම්භකර නැහැ.

sampoor_refugees[Image Credit: iceelamtamils]

යුද්ධය නිසා උතුරෙහි වසා දැමූ පාසල් 86ක් මෙතෙක් යළි ආරම්භ කර නොමැති බව වාර්තාවේ. මෙහිදී පාසල් රැසක් අධි ආරක්‍ෂක කලාපයන් හා නැවැත පදිංචි කිරීමේ ගැටළු නිසා විවෘතකර නොමැති තත්වයක තිබේ.

උතුරු පළාතයෙහි පාසල් 1055ක් පිහිටා තිබෙන අතර මෙහිදී දැනට පවත්වාගෙන යන්නේ පාසල් 969ක් පමණි. හමුදාව විසින් මුදවාහැර නොමැති හෙයින් පාසල් රැසක් යළි ක්‍රියාත්මකවීමට නොහැකි තත්වයක්ද තිබේ.

වලිගාමම් අධ්‍යාපන කලාපයතුල හමුදා අධි ආරක්‍ෂක කලාපය නිසා පමණක් පාසල් 17ක්ද අර්දත්දීපයේදී පාසල් 16ක්ද වසා දමා තිබේ. මෙම තොරතුර උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව හා අධ්‍යාන අමාත්‍යංශයද තහවුරු කර තිබේ.

යාපනය අධ්‍යාපන කලාපය තුල පිහිටි පාසල් 133න් පාසල් 14ක් මෙතෙක් ආරම්භකර නොමැති අතර වඩමරාච්චියෙහි පාසල් පහක් ද මෙතෙක් ආරම්භකර නොමැත. තෙන්මරාච්චියෙහි පිහිටි පාසල් 68න් පාසල් 8ක් ද, කිලිනොච්චියේ පිහිටි පාසල් 110න් පාසල් 9ක් ද, මන්නාරමේ පිහිටි පාසල් 82න් පාසල් 2ක් ද මෙතෙක් යළි ආරම්භකර නොමැත.

තවද වවුනියාව උතුර අධ්‍යාපන කලාපයෙහි පිහිටි පාසල් 91න් පාසල් 2ක් ද, වවුනියාව දකුණ කලාපයෙහි පිහිටි පාසල් 108න් පාසල් 8ක් ද, මුල්ලතීව් කලාපයෙහි පාසල් 57න් පාසල් 4ක් ද මෙතෙක් ආරම්භකර නොමැති බව වාර්තාවේ.

යුද්ධය නිමාවී වසර 4ක් ගතවූ නමුත් මෙතෙක් එම පාසල් යළි ආරම්භකර නොමැත. හමුදා ආරක්‍ෂක කලාපයන්, නැවත පදිංචි කිරීමේ ගැටළු, ගම්මානයන් සංවර්ධනය නොකිරීම වැනි හේතුමත එම පාසල් යළි ආරම්භ නොකිරීමේ තත්වයක් ද පවතියි.

ග්ලෝබල් පුවත් වාර්තාකරු