ශ්‍රී ලංකා හමුදාවට තමිල්නාඩුවේ පුහුණුව නෑ - ඉන්දියාව

Indian Defence Minister AK Anthony (file photo)
ඡායාරූප ශීර්ෂ වැකිය,

අමාත්‍ය ඇන්තනිගේ ප්‍රකාශය ඉන්දීය ආණ්ඩුව මීට පෙරාතුව ගනු ලැබූ තීන්දුවක් යලි අවධාරණය කිරීමක්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබා නොදෙන බව ඉන්දීය ආරක්ෂක ඇමති ඒ කේ ඇන්තනි ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදා කඳවුරේ අලුත්වැඩියා කරන ලද ගුවන් පථයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින්.

මෙම තීන්දුව සම්බන්ධ වැඩි විස්තර ඇමතිවරයා හෙළිකළේ නැහැ.

ශ්‍රී ලංකා හමුදාවලට පුහුණුව ලබා දීමට එරෙහිව තමිල්නාඩුවාසීන් උද්ඝෝෂණ පැවැත්වීම හමුවේ එම පුහුණුව නතර කෙරිණ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල තවදුරටත් පුහුණුව ලබන අතර, ආරක්ෂක අමාත්‍ය ඇන්තනිගේ ප්‍රකාශය ඉන්දීය ආණ්ඩුව මීට පෙරාතුව ගනු ලැබූ තීන්දුවක් යලි අවධාරණය කිරීමක්.

ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2014 දී.