විජයග්රහණයේ පෙළපාලිය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
May 17, 2013 09:33 am
විජයග්රහණයේ පෙළපාලිය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (17) උදෑසන 5.00 සිට මෙම රථවාහන සැලැස්ම ක්රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
හෙට දිනයේ දී මෙම විජයග්රහණයේ පෙළපාලිය පැවැත්වීමට නියමිත අතර එය අවසන් වන තුරු මෙම සැලැස්ම ක්රියාත්මකවන බව සඳහන්ය.
ඒ අනුව ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවන බස් රථ හා සැහැල්ලු වාහන ඕල්කට් මාවත, ටෙක්නිකල් හංදිය, මරදාන පාලම හංදිය, ටී.බී.ජයා මාවත, ඉබ්බන්වල හංදිය, ධර්මපාල මාවත, නෙළුම් පොකුණ වටරවුම, නිදහස් මාවත, රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්.ඒ. ද මෙල් මාවත, ඩුප්ලිකේෂන් ඩික්මන් හංදිය, ඩික්මන් පාර ඔස්සේ ගොස් වමට හරවා ගමන් කළ හැකිය.
ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළුවන බස් රථ සහ සැහැල්ලු වාහන ගාලු පාර ඔස්සේ පැමිණි ගාලු පාර බගතලේ හන්දියෙන් දකුණට හරවා බෞද්ධාලෝක මාවත, ආර්.ඒ.ද මෙල් මාවතෙන් වමට හරවා තුම්මුල්ල වටරවුම, තර්ස්ටර් පාර, ග්ලාස්හවුස් හන්දිය, නෙළුම්පොකුණ වටරවුම, ඩීන්ස් පාර, සීමන්ස් හන්දියෙන් වමට හරවා මරදාන පාලම හන්දිය ගොස් බැස්ටියන් මාවත ඔස්සේ සීනෝර් හන්දියට ගමන් කළ හැක.
බරවාහන සඳහා විකල්ප මාර්ග ලෙස ගාලුපාර ඔස්සේ කොළඹ නගරයට ඇතුළුවීමට පැමිණෙන වාහන ඩබ්ලිව්.ඒ සිල්වා මාවත ඔස්සේ ඇතුළුවී පරණ හැව්ලොක් පාර මස්කඩය හන්දියෙන් වමට හරවා මායා වටරවුම, හැව්ලොක් පාර, පාක් පාර ඔස්සේ ගමන් කර බේස්ලයින් පාර හන්දියෙන් වමට හරවා කොළඹට ඇතුල්විය හැකි බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.