මන්ත්රී අසුන වෙනුවෙන් දැමූ ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසරයි
May 16, 2013 05:16 pm
හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්රධානි සරත් ෆොන්සේකා මහතා විසින් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අද (16) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.
යුදාධිකරණය විසින් පනවනු ලැබූ සිරදඬුවම පදනම් කර ගනිමින් තමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කරලීමට එරෙහිව ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව එකී පෙත්සම අද (16) සිසිර ද තාබෲ, ඩබ්.බී.සී ජයතිලක යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
එහිදී දෙපාර්ශවයේම නීති දේශන සඳහා දිනයක් නියම කර ගැනීම සඳහා අදාළ නඩුව මැයි මස 23 වන දින යළි කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.