එක්සත් රාජධානිය: කොරෝනාවෛරසයේ බලපෑමෙන් රාජකීය ආදායමත් පහත වැටී තිබේද?

Coronavirus

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් රාජකීය ගිණුම්වල පවුම් මිලියන 35 ක හිඟයක් ඇතිවිය හැකිය.

බකිංහැම් මාලිගය සහ වින්ඩ්සර් කාසල් වැනි ස්ථානවලට සංචාරකයන් පැමිණීමට සීමා පැනවීමත් සමග ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 15 ක ආදායමක් අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රාජකීය ගිණුම් භාරකරු පැවසීය.

වසර දහයකින් බකිංහැම් මාලිගය අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන 369ක අයවැයට තවත් ඩොලර් මිලියන 20ක හිඟයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රීමත් මයිකල් ස්ටීවන්ස් පැවසීය.

ඔහු සඳහන් කළේ අමතර අරමුදල් ඉල්ලා සිටීමට රාජකීය පවුලට කිසිදු අදහසක් නොමැති බවකි.

වසංගතය තුළ පවතින "මූල්‍යමය අභියෝග" "අපගේම උත්සාහයෙන් හා කාර්යක්ෂමතාවයෙන්" කළමනාකරණය කිරීමට රාජකීය ගෘහය උත්සාහ කරන බව ශ්‍රීමත් මයිකල් ස්ටීවන්ස් පැවසීය.

අප්‍රේල් මාසයේ දී රාජකීය කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම් තාවකාලිකව නතර කිරීමට ක්‍රියා කළ අතර, නව බඳවා ගැනීම් ද නවතා දමා ඇත. එම කාර්ය මණ්ඩලයට වැටුප් රහිත නිවාඩු හෝ ලබා දී නැත.

කොරෝනාවෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා එක්සත් රාජධානි රජය එදිනෙදා ජීවිතයට සීමාවන් පැනවීම ආරම්භ කිරීමත් සමගම, ප්‍රකාශිත මුල්‍ය වාර්තාවෙන් මාර්තු 31 දක්වා දොළොස් මසක කාලය ආවරණය කෙරේ.

වාර්තාවේ හෙළි කර ඇති අනෙකුත් විස්තර අතර:

  • හැරී කුමරු සහ මේගන් කුමරියගේ දකුණුදිග අප්‍රිකානු සංචාරය පසුගිය වසරේදී වඩාත්ම මිල අධික නිල විදෙස් සංචාරය වූ අතර, සැලසුම් සඳහා රාජකීය කාර්ය මණ්ඩලය කළ චාරිකා ද ඇතුළුව පවුම් 246,000 කට ආසන්න මුදලක් ඊට වැය කර තිබිණි.
  • සුල්තාන් කබූස් බින් සයිඩ්ගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමට චාල්ස් කුමරු ඕමානයේ යෙදුනු දෙදින සංචාරයට පවුම් 210,345 ක් වැය කර ඇත.
  • රාජකීය පෝට්රෂ් ගොල්ෆ් ක්ලබ් හි විවෘත ශූරතාවලියට සහභාගී වීම සඳහා යෝර්ක්හි ආදිපාද ඇන්ඩෲ කුමරු උතුරු අයර්ලන්තයට කුලියට ගත් ගුවන් යානයකින් ගිය අතර ඒ සඳහා පවුම් 15,848 ක් වැය වී තිබේ.
  • විලියම් සහ හැරී කුමරු සහ පවුල් වෙනුවෙන් 2019-2020 දී චාල්ස් කුමරුට පවුම් මිලියන 5.6ක බිල්පතක් ලැබී තිබුණු අතර එය පෙර වසරට වඩා 11% ක වැඩි වීමකි.
  • භාණ්ඩාගාරයෙන් නිකුත් කරන රැජිනගේ ස්වෛරී ප්‍රදානය 2019-20 වසරේ දී පවුම් මිලියන 82.4 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වර්ෂයට වඩා පවුම් 200,000 ක වැඩි වීමකි.

බකිංහැම් මාලිගයේ විදුලි රැහැන් ඇදීම, ජලනල හා තාපක යාවත්කාලීන කිරීම සඳහා වෙන් කර ඇති පවුම් මිලියන 33 ද ඊට ඇතුළත්ය.

සියලුම ප්‍රධාන වියදම් ක්ෂේත්‍රයන්හි වැඩි වීමක් දක්නට ඇත. වැටුප් ලේඛනයේ සිට (පවුම් මිලියන 24.4 දක්වා, පවුම් මිලියන 1.2 කින් ), සංචාරය කිරීම සඳහා (පවුම් මිලියන 5.3 දක්වා, පවුම් 700,000 කින් ), ගෘහ පාලනය සහ ආගන්තුක සත්කාරය (පවුම් මිලියන 2.6 දක්වා, පවුම් 300,000 කින්) වියදම් වැඩි වී තිබේ.

Coronavirus

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු සහ මේගන් කුමරියගේ දකුණුදිග අප්‍රිකානු සංචාරය පසුගිය වසරේදී වඩාත්ම මිල අධික නිල විදෙස් සංචාරයයි

'ෆ්‍රොග්මෝර් කොටේජ්' සඳහා කුලියට මෙන්ම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් හැරී කුමරු සහ මේගන් 2018-19 දී වැය කළ පවුම් මිලියන 2.4ක මුදල වියදම් වැඩි වීමට "සැලකිය යුතු දායකත්වයක්" ලබා දී ඇති බව මාළිගාවේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ගයක් සඳහන් කරයි. එය ලබන වසරේ වාර්තාවෙන් අනාවරණය වනු ඇත.

ස්වෛරී ප්‍රදාන සඳහා අරමුදල් සපයනු ලබන්නේ රාජකීය දේපළෙන් ලැබෙන ලාභයෙනි. පවුම් බිලියන ගණනක් වටිනා එම දේපළ ලන්ඩන් නුවර රීජන්ට් වීදියේ සිට ඇස්කොට් තුරඟ තරඟ පිටිය දක්වා විහිදේ.

ස්වාධීන සංවිධානයක් එම දේපළ කළමනාකරණය කරනු ලබන අතර, එයින් ලැබෙන ලාභය එක්සත් රාජධානියේ සියලුම බදු ගෙවන්නන්ගේ ප්‍රයෝජනය සඳහා භාණ්ඩාගාරයට ගෙවනු ලබයි.

බ්‍රිතාන්‍ය කිරීටය අහෝසි කරන ලෙසට හඬ නගන කණ්ඩායමක් වන 'රිපබ්ලික්' කියා සිටින්නේ ස්වෛරී ප්‍රදානය "පිස්සුවක්" වන අතර එය අහෝසි කළ යුතු බවය.

"අවශ්‍ය සෑම පුද්ගලයකුටම උපරිම ප්‍රතිකාර ලබා දීමට රෝහල්වලට නොහැකි විට, ගුරුවරුන් අවශ්‍ය පොත්පත් හා උපකරණ සඳහා මුදල් ගෙවීමට වෙහෙසෙන විට සහ පොලීසිය පිරිස් බලයෙන් හීනව කඩා වැටීමට ආසන්න වාතාවරණයක රාජකීය ගමන් වියදම් 15%කින් වැඩිවීම අපකීර්තියක්," යැයි 'රිපබ්ලිකන්' කණ්ඩායමේ ප්‍රධාන විධායක ග්‍රැහැම් ස්මිත් පැවසීය.

පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද වෙනත් ගිණුම් වලින් පෙනී යන්නේ රාජකීය දේපොළවලින් පසුගිය මූල්‍ය වර්ෂය සඳහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 345ක ලාභයක් ලැබී ඇති බවය. නමුත් කෝවිඩ් -19 හේතුවෙන් අනාගතයේ එල්ලවිය හැකි මූල්‍ය බලපෑම් පිළිබඳ අවධානය යොමු වී තිබේ.

මේ තොරතුරුද කියවන්න: