ඉන්දීය තෙල් නැවේ කොරෝනා ආසාදිතයින් නිරෝධායනයට

ත්‍රීකුණාමලයට පැමිණි ඉන්දීය තෙල් නැවේ කොරෝනා ආසාදිතයින් නිරෝධායනයට

by Staff writer 28-09-2020 | 7:08 AM

COLOMBO ( News 1st ) : කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගත් එම්.ටී. ක්ලැරිටි නෞකාවට ඇතුළු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ත්‍රීකුණාමලය වරායේ නැංගුරම් ලා ඇති එම්.ටී. ක්ලැරිටි නැමැති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ය. ඉන්ධන මෙට්‍රික් ටොන් 4,000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම නෞකාව, ත්‍රීකුණාමලය වරායට පැමිණීමට පෙර කොළඹ වරායට ද පැමිණ තිබේ.