ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-08-2020 | 6:28 AM

දේශීය පුවත්

1. හිටපු ජනපති මෛත්‍රී ඇමති ධුරයක් භාර නොගනී, කළින් ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුට ධූර හිමි වී නැහැ: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් ලබාගෙන නොමැත. 2. Port City ⁣සේවක විරෝධතාව තෙවැනි දිනටත්..: කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් ඊයේ තෙවැනි දිනටත් විරෝධතාවක නිරත විය. 3. රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..: එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊයේ යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 4. කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි නියෝග: කුරුණෑගල නගරයේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ.

විදෙස් පුවත්

5. ජනපති අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ උපජනපති ධූරයට කමලා හැරිස්: මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ උපජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික කමලා හැරිස් නම් කිරීමට ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.