ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-07-2020 | 6:32 AM

දේශීය පුවත්

1. "හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ”: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකදී පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර මෙම රැළියට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, විජමු ලොකුබණ්ඩාර, උදිත් ලොකු බණ්ඩාර ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 2. රෝහලෙන් පැන ආ කොරෝනා රෝගියා ආ ගිය තැන් හෙළිවෙයි: මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අලුයම පළා ගොස් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමු වූ කොරෝනා ආසාදිතයා කරන ලද ප්‍රකාශ අසත්‍ය බව පොලීසිය පවසයි. 3. නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වැනි දා: නිවාසවල නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයින්ට ද ඡන්දය භාවිත කිරීමට මේ මස 31 වැනි දා අවස්ථාව සලසන බව මැතිවරණ කොමිෂණ් සභාව පවසයි. 4. කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන්න සල්ලි හොයන ක්‍රමය මෙන්න: කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඒ, ඒ ආයතනවලින් ලබා ගැනීමට තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට – WHO: කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.