brand logo

බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

08 July 2020

මෙරට සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඒ මහතා සදහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම තහවුරු කර ගැනීමත් සමග එම තීරණයට එළඹි බවයි. ඒ අනුව දින නියමයකින් තොරව වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම ඊයේ (07) දින සිටම තාවකාලිකව නවතා දමා තිබේ. කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වන දින යොමු කළ රැදවියෙක් එම කටයුතු වලින් පසුව පොළොන්නරුව බන්ධනාගාරය වෙත පසුගිය ජූනි 26 වැනිදා භාරදී තිබේ. ඉන් අනතුරුව අදාළ රැදවිය ජූනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කර ඇත. එහිදී ඔහු සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවේදි කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර තිබේ.
 

More News..