Nivea Sri Lanka ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවි සමග අත්වැල් බැඳගනිමින් වෙළෙඳපොළ ව්‍යාප්ත කරගනී

    May, 28, 2020

    ලොව අංක එකේ චර්ම සත්කාර සන්නාමය වන Nivea, මෙරට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි කිහිපයක් සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව දැන් මෙරට පාරිභෝගිකයන්ට තමන් කැමති තැනක සිට ඉතාමත් පහසුවෙන් Nivea නිෂ්පාදන මිලදීගත හැකි වේ. Cargills, DailyNEEDS, Daraz, Freshbox, GLOWMARK, Healthguard, Herbal, Infinite, Kapruka, Keels, Lassana, LuxeColombo, Store2Door, Takas සහ UberEats වැනි වෙබ් අඩවි ඔස්සේ මින් ඉදිරියට Nivea නිෂ්පාදන මිලදී ගත හැකි වනු ඇති අතර, එම නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත ආකාරයට නිවසටම ගෙන්වා ගැනීමට හැකි වනු ඇත.

    වගකීම් සහගත සන්නාමයක් ලෙස, පාරිභෝගික අවශ්‍යතාවන් නොඅඩුව සපුරාලමින් Shower Gels, Roll-ons සහ Face wash වැනි නිෂ්පාදන වර්ග රාශියක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා මෙබඳු හවුල්කාරීත්වයන්ට එළැඹීමට Nivea Sri Lanka කටයුතු කර ඇත. ඉදිරියේදී විද්‍යුත් වාණිජ සේවාවන් පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් Nivea මේ වනවිට ඔවුන් වෙනුවෙන් නව බෙදාහැරීම් ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් සිටින අතර, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහාද විවිධ වූ පියවර ක්‍රියාත්මක කරමින් සිටී.

    නව හවුල්කාරීත්වයන් නිසා පහසු ගෙවීම් ක්‍රම භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ Nivea නිෂ්පාදන ගෙන්වා ගැනීමට දිවයින පුරාම පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. ඕනෑම වර්ගයේ සමකට විශිෂ්ට සත්කාරයක් ලබාදීමට Nivea නිෂ්පාදන සතු හැකියාව කෙරෙහි බොහෝ දෙනෙකු විශ්වාසය තබා ඇති අතර, මෙමඟින් ඔවුන් වෙත කිසිදු බාධාවකින් තොරව තම විශ්වාසය දිනූ නිෂ්පාදන නිවෙස් වලටම ගෙන්වා ගැනීමට හැකි වනු ඇත.

    නව පියවර සම්බන්ධයෙන් Nivea හි සහකාර අධ්‍යක්ෂ (ජාත්‍යන්තර ව්‍යාපාර) සුධන්ෂු ක්‍රිෂ්ණා මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “අප ගන්නා සෑම පියවරකදීම ප්‍රමුඛත්වය හිමිවන්නේ අපගේ පාරිභෝගිකයන්ටයි. මේ වනවිට ඔවුන්ට වැඩි පහසුවක් හිමිවන ආකාරයට අපගේ බෙදාහැරීම් ක්‍රමවේද වැඩිදියුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙලෙස විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවි සමග අත්වැල් බැඳගැනීම මගින් අපගේ නිෂ්පාදන පෙරටත් වඩා පාරිභෝගිකයන්ට සමීප කරවීමට අපට හැකිවේවි. දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට තමන් කැමති Nivea නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් තම නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම උත්සාහයේදී අපත් සමග අත්වැල් බැඳගත් බෙදාහැරීම් හවුල්කරුවන් සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි.”

    Daraz.lk හි ක්‍ෂණිකව අළෙවි වන පාරිභෝගික ද්‍රව්‍ය - ප්‍රධානී තෂ්මා හත්තොටුවේගම මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “Nivea සමග අත්වැල් බැඳගැනීම අපටත් අපගේ පාරිභෝගිකයන්ටත් සුවිශේෂී අත්දැකීමක් වේවි. මෙය Nivea නිෂ්පාදන ඉදිරියේදී Daraz ‘ හි අලෙවි කෙරෙන නිෂ්පාදන අතර සුවිශේෂී නිෂ්පාදන එකතුවක් බවට පත්වනු ඇති අතර, එය අපට සමාජයේ කැපීපෙනෙන පිරිසක් සමග අප පවත්වනු ලබන සම්බන්ධතාව තවදුරටත් තරකර ගැනීමට අවස්ථාවක් සලසා දෙනු ඇති බව අපට විශ්වාසයි. මේ ආකරයට Nivea සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම ගැන අප ආඩම්බර වන අතර, ඉදිරියේදී දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන් වෙත Nivea නිෂ්පාදන සමීප කරවීමට අප සූදානම්.”

    ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට දැන් Cargills, DailyNEEDS, Daraz, Freshbox, GLOWMARK, Healthguard, Herbal, Infinite, Kapruka, Keels, Lassana, LuxeColombo, Store2Door, Takas iy UberEats සහ UberEats යන වෙබ් අඩවි වලින් Nivea නිෂ්පාදන ඇණවුම් කළ හැකි වේ.