අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

by Staff writer 27-05-2020 | 11:07 AM

News 1st - අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

ඒ, ගත වූ පැය 24 තුළ වෛරසය ආසාදනයෙන් පුද්ගලයින් 768 දෙනෙකු මිය යාමත් සමගය. ලොව එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව පසුගිය අප්‍රේල් 21 වැනි දා අමෙරිකාවෙන් වාර්තා විය. එලෙස ජීවිත අහිමි වූවන් සංඛ්‍යාව 2683 කි. එරට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව්යොර්ක් ප්‍රාන්තයෙනි. ඊයේ දිනයේදීත් පුද්ගලයින් 134 දෙනෙකු මිය යාමත් සමග එම ප්‍රාන්තයේදී මිය ගිය සංඛ්‍යාව 29,444 ක් දක්වා ඉහළ ගියේ ය. මේ අතර අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දා හත් ලක්ෂ විසි පන්දහස් පන්සියයකට අධිකය. වෛරසය ආසාදනයෙන් එරට සුව වූවන් සංඛ්‍යාව 478,351 කි. මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇත. ඒ, ඊයේ දිනයේදී නව ආසාදිතයින් පන්දහසකට අධික පිරිසක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස් හත්සියය අනූ තුනක් දක්වා ඉහළ ගියේ ය. මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4300 කට අධිකයි.