Friday, April 19, 2024

General line - 0115112241

නිරෝධායන නීති දිගටම : කොරෝනා තුරන් කිරීමට බොහෝ කාලයක් ගතවේවි - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්




හෙට (11) දිනයේදී රට විවෘත කිරීමෙන් අනතුරුව පුර්ව කොවිඩ් -19 කාල සීමාවේදී අප කටයුතු කළ ආකාරය සිහියේ තබා ගනිමින් එම පුරුදු පශ්චාත් කොවිඩ් -19 සීමාව තුලද ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පසුගිය කාල සීමාවේදී ගනු ලැබූ තීන්දු සහ නියෝග මතුවටත් බලාත්මකව පවතින බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටියා. 

" තවදුරටත් කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරගෙන යාම සිදුවෙනවා. රට විවෘත කළා කියා කොරෝනා අවධානම පහව ගොස් තිබෙනවා කියලා කිසිවෙකුත් සිතීම වැරදියි. ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වේවි.

හෙට සිට යම් සීමාවන්ට යටත්ව රාජ්‍ය සහ පුද්ගලික කාර්යාල, විශාල සහ කුඩා ව්‍යාපාර, ප්‍රවාහන සේවාවන් ඇතුළු සමස්ත සමාජය අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. එම කටයුතු කෙසේ කළ යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව තුලදී උපදෙස් පත්‍රිකා මගින් දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබුවා.

ඉදිරියේදී කොරෝනා ආසාධනය වූ රෝගීන් වාර්තා වුවහොත් ඊට අදාළ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතයි. යම් හෙයකින් ශ්වසන ආසාධනයන්, හෙම්බ්රිස්සාව, කැස්ස සහ උණ රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක් නම් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට නම් කර ඇති දිවයින පුරා පිහිටි විශේෂ රෝහල් 30 තුල පිහිටි හුදෙකලා වාට්ටු සංකීර්ණ වෙත ඇතුල්වීමට ඉඩ අවකාශ ඇති බවත් එසේත් නැත්නම් 1390 හෝ 1990 යන දුරකථන අංක වෙතින් අවශ්‍ය උපදෙස් පැතීම සිදුකළ හැකි බව" සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.