spot_img
spot_img
Friday, April 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“දැන් මාව නවත්වන්න එපා”

Must read

 

අපි මේ ගත කරමින් සිටින්නේ කොරෝනා වෛරසය කාලය, අපේ සවන ගැටෙන බොහෝ කතා හිත දවන කතා, ඒ අතරින් ඉඳහිට අපට ඇසෙනවා හිත නිවන කතාත් . මේ පුංචි කතාව වාර්තාවෙන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ varesi රෝහලකින්. වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයින් covid-19 සමඟ පොර බදලා වෙහෙසට පත්වෙලා ඉන්නේ. පුංචිම පුංචි අස්වැසිල්ලක් ලැබෙන මොහොතක ඔවුනුත් සොයන්නේ මනසට නිදහසක්, සුවයක් එකම දේ දැකලා ශාරීරිකව වගේම මානසික ව්‍යාකූලතාවයන්ට ඔවුන් පත් වෙලා ඉන්නවා. එසේ මානසික ව්‍යාකූලතාවයන් නිසා අවාසනාවන්ත සිදුවීම් ගැනත් අපිට දැනගන්න ලැබුණා.

මේ සිදුවීම සිදු වෙන්නේ පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ varesi රෝහලේ සේවා වැඩමුරය අවසන් වෙන වෙලාවෙන් පසුවයි. වෛද්‍ය Christian Mongiardi සහ ඔහුගේ සහායකයන් රෝහලේ ආපන ශාලාව කරා යන්නේ බඩට මොනවා හරි දාගන්න. ඔවුන් යනවිට ආපනශාලාව වහලා. ක්‍රිස්ටියන් දක්ෂ පියානෝ වාදකයෙක්. ඉතින් තමන් ආපු කාරණාව ඉෂ්ට නොවෙන තැන ක්‍රිස්ටියන් එළඹුණු විවේකී මොහොතේ රෝහලේ පියානෝවෙන් Don’t stop me now වාදනය කරනවා. ඔහුගේ සහයිකාව මෙය දුරකථනයෙන් රෙකෝඩ් කරලා අන්තර්ජාලයට මුදා හරිනවා.

ඉතින් මේ වීඩියෝව අද බොහෝ ජනප්‍රිය වීඩියෝවක් බවට පත්වෙලා . ඉතාලියෙන් නිර්මාණය වෙන දුක හිතෙන කතා අතරට. හිත නිවන කතාවක් ලෙස මේක එකතු වෙනවා. මේ සිදුවීම සිදු වෙන්නේ පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දී සේවා වැඩමුරය අවසන් වෙන වෙලා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article