කොරෝනා ආසාදනයෙන් ලංකාවේ පළමු මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ පළමු මරණය වාර්තා වෙයි

by Chathuranga Rajapaksha 28-03-2020 | 8:20 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මියගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඔහු වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.